ඓතිහාසික ගමනක් ඔබාමා කියුබාවට යයි

obama raulඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබාමා අද (මාර්තු 20) දින නිල සංචාරයකට කියුබාවට යයි. අසල්වැසි ම රට වුව ද ඇමෙරිනාක් ජනාධිපතිවරයෙකු කියුබාවෙහි පා තබන්නේ මේ දෙවැනි වරට ය. මීට පෙර ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු කියුබාවට ගියේ වසර 88 කට පෙර 1928 දී ය. එ් ජනාධිපති කැල්්වින් කූලිජ් ය. ඔහු ගියේ යුද නැවකිනි.

1959 කියුබානු විප්ලවයට පසු ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු කියුබාවට යන්නේ ප‍්‍රථම වරට ය. විප්ලවයෙන් පසු ඒකපාක්ෂික ව තානාපති සබඳතා බිඳ දැමූ එක්සත් ජනපදය වසර පණහකට වැඩි කලක් කියුබාවට එරෙහි ව ආර්ථිකල දේශපාලන සහ මූල්‍ය තහංචි ගොන්නක් ම පැනැවූවා ය. ඒවා අදත් බලපවත්වයි. ඒ එක්සත් ජාතීන් 24 වසරක් පුරා කළ ඉල්ලීම් ද නොතකා ය.

ඔබාමා යම් සුළු සහන සැලැසුව ද ඇමෙරිකානු කොංග‍්‍රසය තහංචි ඉවත් කැරීමට තව මත් විරුද්ධ ය. ඔබාමා ගේ ගමන 2014 දෙසැම්බර් 17 වැනි දා ඇරැඹුණු දෙරට අතර සම්බන්ධතා යථා තත්ත්වයට පත් කැරීමෙහි ක‍්‍රියාදාමයෙහි ම කොටසකි. ඒ සඳහා සාකච්ඡා ඇරැඹුණේ වසර කිහිපයකට පෙරය. එය අපේ අඳ බාල ඇමැතියෙකු කී පරිදි රාවුල් කස්ත්‍රෝ මෛත‍්‍රී – රනිල් අනුකරණය කැරීමක් නො වේ. එකල මෛතී‍්‍ර සිටියේ මහින්ද ගේ තුරුලේ ය. රනිල් විපක්ෂයේ ය. එසේ ම ඒ ඇමැත්තා කී පරිදි කියුබාව ඔබාමා පිළිගන්නේ සිය ජාතික අභිමානය ප‍්‍රතිපත්ති හෝ ස්වෛරිත්වය පාවා දී නො වේ. ඔබාමා ගමන ගැන පාලක කියුබානු කොමියුනිස්ට් පක්ෂයෙහි නිල පුවත්පත වන ග‍්‍රාන්මා හි කතුවැකියෙන් කියා තිබුනේ මෙසේ ය:

1. සබඳතා යථා තත්ත්වයට පත් කැරීමට කියුබාවට එරෙහි ව පනවා ඇති ආර්ථික වාණිජ සහ මූල්‍ය තහංචි ඉවත් කළ යුතු ය.

2. කියුබානු ස්වෛරිත්වයට බලපාන සෙසු ප‍්‍රශ්න ද විසඳිය යුතු යග ඒ අනුව ග්වන්තනාමෝ යුද කඳවුරු භූමිය කියුබාවට ආපසු භාර දිය යුතු ය.

3. රට තුළ විරුද්ධ පක්ෂයක් ඇති කැරීම සඳහා මුදලින් සහ වෙනත් ආකාරවලින් උදවු දීම නතර කළ යුතු අතර පාලනය වෙනස් කැරිමේ සැලැසුම් අත් හළ යුතු ය.

4. කියුබාව එක්සත් ජනපදය සමග ශීලාචාර සහජීවනයක් සඳහා ගෞරවාන්විත සංවාදයකට එළැඹීමට සූදානම් අතර කියුබානුවන් පිළිගන්නා අදහස් ඔවුන් මෙතෙක් දුර ආ ගමන් මඟ හෝ සමාජවාදය හෝ අත්හැරීමට ඔවුන්ට කරන බලපෑම් පිළිගත නොහැකි ය.

අභිමානවත් ජනතාවකට සහ නායකයන්ට අපහාස කැරැු තමන් ගේ හෙළුව වසා ගැනීමට තැත් කැරීම ජන්මෙට වඩා පුරුද්ද ලොකු වුව ද යහපාලන ඇමැත්තෙකුට තරම් නො වේ.

Comments are closed.