පෙම රතු ගිනි පිඬ

poem pic 2
තනිකම දවන්න – ගිනි හුළ ගෙනාව
පෙමැත්තියේ මනකල්
ගිනි දලු බලන්න – නිල් දුම් ඉඹින්න
මං හිටියේ එනකල්

දොසින් පිරී ගිය – සොවින් මිදී ගිය
සීතල සඳ මුදුනේ
හිම ගොඩ උඩ ඔබ පෙම රතු ගිනි පිඬ
තියන්! තියන්! ළඳුනේ

ආ වර දිවිතුර කලුවර කඩතිර
කඩ කඩ වී හැලුණා
සහස් රැසින් – සෙනෙහස් එළි දහසින්
කරළිය එළිය වුණා

ඉරක් හඳක් මෙනි – රනක් මිණක් වැනි
රුවේ නොහිම් දිස්නේ
හද ගැබ අනුරා කිරණ විදිල්ලකි
ළෙහි ගෑවෙන රස්නේ

පණ ලැබ පින ලැබ – රන පියපත් ලැබ
සිත පියඹන ගානේ
ගිනි දලු රලු වී – මා මෙරුවෙකු වී
දැවෙයි ද අවසානේ

ලක්ශාන්ත අතුකෝරළ
වැසි ඉසෙන ඉසව්

Comments are closed.