ට‍්‍රම්ප් ෆැසිස්ට්වාදයට අත වනයි

trump_flicker_face_yessමේ එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරණ වසර යි.  ප‍්‍රධාන පක්ෂ දෙකේ ම ජනාධිපති අපේක්ෂකයා තෝරන මුල් වටය දැන් ඇරැඹී තිබේ. දක්ෂිණාංශික රිපබ්ලිකන් පක්ෂයේ පෙරමුනේ ම සිටින අපේක්ෂකයා ඩොනල්ඞ් ට‍්‍රම්ප් ය.

ට‍්‍රම්ප් ගේ මැතිවරණ ව්‍යාපාරය උග‍්‍ර වර්ගවාදීල ස්ත‍්‍රී විරෝධී,  ආගාමිකයන් විරෝධී  මුහුණුවරක් ගෙන තිබීම අති භයානක ය. ඒ අතර ඇමෙරිකානු සමායතන විසින් මෙහෙයවන ජනමාධ්‍යයන්හි සෙසු අපේක්ෂකයන් හා සසඳන කල ඔහුට වැඩි ප‍්‍රචාරයක් ලැබෙන බව ද පෙනෙයි.

ඔහු ගේ කටට මුකවාඩම් නැත. වරක් ඔහු මෙක්සිකෝ දේශ සීමාව දිගට ම තාප්පයක් බඳින්නට යෝජනා කරයි. ඒ සරණාගතයන් ඒම වලක්වන්නට ය. සරණාගතයන් සියල්ල අල්ලා පිටුවාහල් කරන බව ඔහු කියයි. ඇමෙරිකාවෙහි අඩුම පඩි ලබන කම්කරුවන් වන්නේ එසේ පැමිණෙන ලතින් ඇමෙරිකානුවන් ය. ඔහු යෝජනා කරන්නේ මුස්ලිම් දේවස්ථාන සියල්ල වසා දමන්නට සහ සියලූ එක්සත් ජනපද මුස්ලිම් පුරවැසියන් නිරන්තර සෝදිසියට ලක් කැරීමට ය. ඔහු ගේ සැලැසුමට අනුව ඇමෙරිකාවෙහි මුස්ලිම්වරුන්ට අත් වනු ඇත්තේ නාසි ජර්මණියෙහි යුදෙවුවන්ට අත් වූ ඉරණම ම ය. ඒ අතර ජපානයෙහි සහ දකුණු කොරියාවෙහි න්‍යෂ්ටික ආයුධ ස්ථානගත කැරීමට අමතර ව අවශ්‍ය නම් යුරෝපයෙහි න්‍යෂ්ටික ආයුධ භාවිතා කැරීමට තමන් මැලි නොවන  බව ද ඔහු කියයි. මෙබඳු උන්මත්තකයෙකු ලෝකයෙහි ප‍්‍රබල ම රටෙහි ජනාධිපති වුව හොත් එය ලෝකයට බෙහෙවින් ම භයානක වනු ඇත.

ඇතැම් විට ජනාධිපතිවරණයෙන් ඔහ පරාජය වන්නට පිළිවනල එහෙත් ඔහු රෝපණය කරන ෆැසිස්ට්වාදී පිළිලය භයානක ඵලවිපාක ගෙන දෙනු ඇත. එය ලත් තැනම ලොප් කැරීම ලෝ වැසි හැම ගේ යුතුකමකි.

Comments are closed.