වීරකුමාර ගේන්නේ සාගලගේ තටු කපන්න ද?

විමල් වීරවංශගේ බෝඩ් ලෑලි පක්ෂයේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වී ඇතැ යි වාර්තා වේ. පසුගිය දා ඔහු අනුරාධපුරයේ ඔහුගේ නිවසේ දී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූයේ විමල් වීරවංශව විවේචනය කරමිනිි. දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ වීරකුමාර දැනටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක් වීමේ තීරණය ගෙන ඇති බවත් උපරිම මාධ්‍ය සහ දේශපාලන වාසිය ලැබෙන මොහොතක නිල වශයෙන් එක්වීමට කල් යල් බලමින් සිටින බව යි.

විමල් වීරවංශගේ  ජාතික නිදහස් පෙරමුණ යැ යි හඳුන්වාගනු ලැබූ පුද්ගල චරිත අතරින් පියසිරි විජේනායක, ජයන්ත විජේසේකර දැනටමත් ඔහුගෙන් ඉවත් ව තිබේ. ප්‍රධාන ලේකම් යැ යි කියාගත් ප්‍රියංජිත් විතාරණ ද ගෙදර නැවතුණේ ය. මේ දේශපාලන භාණ්ඩ අලෙවි වෙන සමය යි.

කෙසේ වෙතත් වීරකුමාර දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වූ පසු ඔහුට නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරය ලබා දීමට ජනපතිවරයා එකඟ වී ඇති බව දැනගන්නට තිබේ. අත්තනෝමතික ලෙස අගමැතිවරයාගේ බලය විදහමින් කටයුතු කරන සාගල රත්නායක අමාත්‍යවරයාගේ බලතල වීරකුමාර දිසානායක මගින් පාලනය කරන්නට ජනපතිවරයා අදහස් කරගෙන සිටින බව එක්තරා දේශපාලන ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුණි. විවිධ අන්දමින් කල් දමා සහ වාසි බලමින් තිබෙන බෙහෝ කටයුතු කෙරෙහි ජනපතිවරයා ඉන්පසු මැදිහත් වන බව ද එහි දී කියැවිණ.

Leave a Comment