නීතිපති කරුණාට එරෙහි නඩුව අත්හැරියේ ඇයි?

මන්ත්‍රීවරයෙකුව සිටි සමයේ ලබාගත් බව කියන කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුක්ත වෙඩි නොවදින ජීප් රථයක් ආපසු භාර නොදෙමින් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට එරෙහිව නඩුව ඊයේ (2017/10/30) දින අවසන් කැරිණි.

රජයේ නීතිපතිවරයා තවදුරටත් මේ පුද්ගලයා සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කරන්නට අදහස් නොකරන බව මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත උපදෙස් ලබා දී ඇති බව අධිකරණයේ දී ඔවුන් ප්‍රකාශ කරන ලදින් කරුණා අම්මාන් මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය. නීතිපති මෙලෙස උපදෙස් දී ඇත්තේ ඇත්තේ පැහැදිලිව නඩුවක් ගොනු කළ හැකි චෝදනාවකිනි. එසේ වන්නේ ඇයි දැ යි ඇත්තේ පැනයකි. නීතිය නැවීමක් ගැන පසුගිය කාලයේ කියැවුණු කරුණු කාරණා සහ මෙවැනි දේවල් අතර සම්බන්ධයක් තිබේ දැ යි උපදනේ ද සැකයකි.

දින කිහිපයකට මත්තෙන් කරුණා හිටපු ඇමැති බැසිල් ඇතුළු ඒකාබද්ධ විපක්ෂය කියාගන්නා පිරිස හමුවුණු බවත්, පසුව ජනාධිපතිවරයාට ද දුරකතනයෙන් කතා කළ බවත් මාධ්‍ය වාර්තා කළේ ය. කෙසේ වෙතත්, වරදක් කර ඇති බව පෙනි පෙනී නීතිපතිවරයා ඒ ගැන කටයුතු කිරීම අත්හැර දැමීමට තීන්දු කිරීම නම් අමුතු තාලයේ වැඩක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

Leave a Comment