පතීගේ “ස්වරූප” අනිවාර්යෙන් නරඹන්න!

ශ්‍රී ලාංකේය සිනමා වංශකතාවේ සදා රඳන සම්මානනීය සිනමාකරු ධර්මසේන පතිරාජයන්ගේ නවත ම සිනමා වියමන “ස්වරූප” සිනමාපටය යි. දිවයින පුරා බොහෝ සිනමා ශාලාවල මෙය දැන් තිරගත වේ. සිනමාපටයට පාදක ව ඇත්තේ ෆ්‍රාන්ස් කෆ්කාගේ The Metamorphosis නම් කෙටි නවකතාව යි. එරික් ඉලයප්ආරච්චි සහ ධර්මසේන පතිරාජ දෙදෙනා මෙය පිටපතක් ලෙස සිංහලයට අනුවර්තනය කර තිබේ.පෙ

මෙයට පෙර පතිරාජ විසින් අධ්‍යක්ෂණය කළ “සක්කාරං” සිනමාපටය ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්තේ නැත. නමුත් මෙම සිනමාපටය පතිරාජ ලකුණ සටහන්ව ඇති එකක් බව බොහෝ දෙනාගේ විශ්වාසය යි. සිනමා ප්‍රදර්ශනයේ ඇති විවිධ අශ්ලීල හේතු මතින් මේ සිනමාපටය ඉක්මනින් සිනමාශාලා වෙතින් ගැලවී යාමේ අවදානමක් මතුව ඇති බව දැනගන්නට තිබේ.

හොඳ සිනමාවට අදරැති සැමගෙන් මේ සිනමාපටය අනිවාර්යෙන් නරඹන්නැ යි උදක් ම ඉල්ලා සිටිමු.

Comments are closed.