විදුලිය සේ දිලෙන නාමය ඩී.ජේ. විමලසුරේන්ද්‍ර

 

(මෙරට විදුලි ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් අමිල මෙහෙවරක් කළ ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතාගේ 143 වැනි ජන්ම දින සංවත්සරය අදට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි)

මෙයින් වසර 134 කට පෙර ක්‍රිස්තු වර්ෂ 1864 /9/17වැනි දින පෙරවරු 9ට ගාල්ලේ ගල්වඩුගොඩ මුහන්දිරම් ගෙදර දී මෙලොව එළිය දුටු විමලසුරේන්ද්‍ර මහා වියතාණන්ගේ මවුපියන් වූයේ දොන් ජුවන් දේවපුර විමලසුරේන්ද්‍ර ජයසිංහ සහ දෝන ක්‍රිස්ටිනා ජයසිංහයි.  පියා භාෂා  රාශියක නිපුණත්වයක් දැක්වූ විද්වතෙකි. කොළඹ කර්මාන්ත ශාලාවක හිමිකරුවකු වූ ඔහු කැටයම් ශිල්පය හා ස්වර්ණාභරණ ඇතුළු නිමවුම් කිරීම පිළිබඳ ප්‍රකට වූවෙකි.

ඔහු ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍ය ජීවිතය අවසන් කිරීමට පෙර ලන්ඩන් මැට්‍රිකියුලේෂන් විභාගයෙන් උසස් ලෙස සමත් වූයේ එම විභාගය සමත් වූ ප්‍රථම ලාංකිකයා බවට පත් වෙමිනි. පසුකාලීනව පාලි, සංස්කෘත, ඉංග්‍රීසි, ජර්මන් භාෂාව හොඳින් ග්‍රහණය කරගත් ඔහු බුදුදහම පිළිබඳ පිළිබඳ ඇතැම් පොත්පත් ජර්මන් භාෂාවට පරිවර්තනය කිරීමෙන් ජර්මන් ජාතිකයන්ගේ ඇගයීමටද ලක් වූයේය.

පාසැල් ජීවිතයෙන් ඕවර්සියර්වරයකු ලෙසින් රජයේ කර්මාන්ත ශාලාවක රැකියාව සඳහා ඇතුළත් වූ විමලසුරේන්ද්‍ර එහිදී විවිධ යන්ත්‍ර සූතුවල ආදර්ශ තනා ප්‍රදර්ශනවලට ඉදිරිපත් කර තම කුසලතාවය ඉංග්‍රීසි පාලකයන්ට පෙන්නුම් කළේය

ඉංජිනේරු විද්‍යාවට ඔවුන් දැක්වූ දක්ෂතාව නිසාම සුදු පාලකයන් විසින් මරදාන කාර්මික විද්‍යාලයේ ඉංජිනේරු පාඨමාලාව ප්‍රථම වරට ආරම්භ කරන ලදී. එයින් සමත් වූ ප්‍රථම ලාංකිකයා වීමේ භාග්‍යය ද ඔහුට හිමි විය. ඉන් පසු ඉන්දියාවේ පිහිටි එංගලන්ත උසස් අධ්‍යාපන පීඨයකින්  සිවිල් ඉංජිනේරු උපාධිය ලබාගත්තේ විශිෂ්ට සාමාර්ථයක් සහිතව ය. පසුව සිවිල් ඉංජිනේරුවකු වශයෙන් ඉංග්‍රීසි පාලකයන් යටතේ දිවයිනේ නොයෙක් ප්‍රදේශවල රාජකාරි කරන විට වැදගත් සිවිල්කටයුතු කීපයකටම විශිෂ්ට දායකත්වය සැපයී ය. ගාලු නගරයේ හියාරේ යෝධ ජල සම්පාදන සැලසුමටද, උඩරට දුම්රිය මාර්ගය දෙමෝදර මං පෙත සැලසුමට ද, රුවන්වැලි මහා සෑයේ අඩි 24ක් උස චූඩා මාණික්‍යය සහිත කොත් කැරැල්ල නිර්මාණය කර එය ඔසවා පැළඳවීමටද එතුමාගේ නැණ නුවණ පාදක විය.

ඉංග්‍රීසි ආණ්ඩුවේ නියෝගය පරිදි විමලසුරේන්ද්‍ර මහතා කැලණි ගංගා ද්‍රෝණියේ  රත්රන් වැනි ඛනිජ වර්ග නිධි වශයෙන් තිබේදැයි හඳුනා ගැනීම සඳහා පාංශු පරීක්ෂණ පැවැත්වීමට නියම විය.

ඛනිජ නිධි එකකුදු සොයාගැනීමට අපොහොසත් වුවත් දහසක් පහන් දැල්වූ ලක්ෂපාන දිය දහර හරහා ගමන් කළ බලාපොරොත්තුවක් විමලසුරේන්ද්‍රගේ දෑස් තුළ ජනිත විය.

මෙරට ප්‍රථම විදුලි බලාගාරය ඉදි කොට නුවරඑළිය නගරය ආශ්‍රිත ප්‍රදේශයට ක්‍රමවත් විදුලි සැපයුමක් ලබාදීමට දායකත්වය සැපයීය. පුස්සැල්ලාව ප්‍රදේශයේ රාජකාරි කරන සමයේ තම පෞද්ගලික උනන්දුව හා වියදම මත පවත්වාගෙන ගිය පර්යේෂණවල ප්‍රතිඵලය වූයේ විශ්වසනීය සංඛ්‍යාත්මක දත්ත මත ගොනු කරමින් සම්පූර්ණ පරීක්ෂණ වාර්තාවක් සකස් කර ගැනීමට විමලසුරේන්ද්‍රට හැකි වීම ය.ඩඔහුගේ දීර්ඝකාලීන ප්‍රයත්නයේ අග්‍ර ඵලය වූයේ නිකරුණේ ගලාගිය ජලයෙන් නිපදවිය හැකි ජල විදුලියේ ප්‍රමාණයත් ඒ සඳහා වැය වන වියදමත් ඉන් ලද හැකි මහත් ආර්ථික ප්‍රතිලාභත් විද්‍යානුකූලව හා විශ්වසනීය ලෙස විශ්ලේෂණය කොට ඉදිරිපත් කළ “ශ්‍රී ලංකාවේ බලශක්ති උපයෝගිතාව පිළිබඳ ආර්ථික මුහුණුවර” නම් වූ පර්යේෂණ නිබන්ධය යි.

එම වාර්තාව 1918. 4. 4 වැනි දා සැමගේ අවධානයට ලක්වෙමින් ලංකා ඉංජිනේරු ආයතනය ඉදිරියේ එතුමන් විසින් ප්‍රකාශයට පත් කෙරෙන විස්තර කාශයට පත් කෙරෙන විට මෙරට දැවැන්ත පෙරළියක පෙර නිමිති පහළ විය. සුළු කාලයකින් යටත් විජිත ලේකම් සිසිල් ක්ලෙමන්ට්  මහතා ලක්ෂපාන ව්‍යාපෘතියේ ප්‍රගතිය පරීක්ෂා කළ අවස්ථාවේ දී පෙනී ගියේ සුදු ඉංජිනේරුවන් ඉදිකිරීම් කටයුතු සඳහා ප්‍රමාණවත් දක්ෂතාවක් දක්වා නොමැති බවයි. මේ නිසා ඔහුගේ ආරාධනාවකට අනුව විමලසුරේන්ද්‍ර මහතාට නැවත ලංකාවට පැමිණීම සිදුවිය. දිවයිනට පැමිණ ඉදිකිරීම් කටයුතු සොයා බැලීමට ගිය විට දැක ගැනීමට හැකි වූයේ ඔහු ගල් වඩුවන් යොදා ශිලාමය ලෙස නිම කිරීමට සැලසුම් කළ දේවල් මේ වනවිට සිමෙන්ති හා යකඩ වැනි අමුද්‍රව්‍ය යොදා නිර්මාණය කොට ඇති බවයි.

 මාතර ගංවතුර විය හැකි බවමේ හේතුවෙන් නොටන් බිච් නගරය ගංවතුරෙන් යට විය හැකි බව ඔහු ව්‍යාපෘති අධ්‍යක්ෂ වරයාට වාර්තා කර සිටියේය for stop අනතුරුව රජය ඒ වනවිට රුපියල් ලක්ෂ 30 ක් වියදම් කොට තිබූ එම ව්‍යාපෘතියේ වැඩ කටයුතු නවතා දැමුවේය කෙසේ වෙතත් රජයේ ඉල්ලීම පිට විමලසුරේන්ද්‍ර මහතා ගේ මැදිහත් වීමෙන් මෙම ව්‍යාපෘතියට සමගාමීව කෙහෙල්ගමු ඔය වම් ඉවුරේ 18 විදුලි බලාගාරයක් ඉදි කලේය මෙය ඉදිකළේ ලක්ෂපාන විදුලි යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් කටයුතු සඳහා වුවද එමගින් හැටන්, දික්ඔය නාගරික ප්‍රදේශ වලටත් යාබද තේ කර්මාන්ත ශාලාවටත් විදුලිය සැපයීමට හැකිවිය දිවයින කර්මාන්තවලට විදුලිය සැපයූ පළමු අවස්ථාව වශයෙන් මෙය සඳහන් වෙයි

ඉන් නොනැවතුණු විමලසුරේන්ද්‍ර මහතා හර්බට් ස්ටැන්ලි  ආණ්ඩුකාරවරයාගේ යෝජනාවක් මත කොලොන්නාව තාප විදුලි බලාගාරය අති දක්ෂ ලෙස සැලැසුම් කොට මාස 12ක් ඇතුලත ඉදි කිරීමටත් තම කාර්මික ඥානය ප්‍රශස්ත බව ඔවුන්ට පෙන්නුම් කිරීමටත් සමත් විය. ඔහු පනස් පස් වියේදී තිස් වසරක් රජයේ සේවයෙන් විශ්‍රාම ගෙන 1931 දී පැවැති මහ මැතිවරණයේදී රත්නපුර සඳහා ඉදිරිපත් වී ජයග්‍රහණය කළේ ය.

ඔහු දැන සිටින්නේ ඉංජිනේරු ශිල්පය පමණක් නොවන බව දන්වන්නට මෙන් ඉක්බිතිව එම සභාවේ ද අන් තැන්හිදීද පැවැත්වූ කතා මගින් එතෙක් නොදැනුවත්ව හෝ නොසලකා හැර තිබූ ස්වදේශ සම්පත් භාවිතයෙන් ජල විදුලිය නිපදවා මෙරට ඇති කළ හැකි කාර්මික සංවර්ධනය පිළිබඳව අපූර්ව අදහස් රාශියක් දැක්වූයේ ය. ජල විදුලිය නිපදවීමේ කටයුතු කඩිනම් කිරීමට අවස්ථාවක් ලබා ගත්තේ ය. ජල විදුලිය මුල් තැන ගත්තේ ය. තෙල් බලය පසු බෑවේ ය. රටේ ආර්ථිකය සීඝ්‍ර දියුණුවක් කරා ගමන් කරන්නට විය. ඇල්මෙන්, ආදරයෙන්, භක්තියෙන් යුක්ත වූ මේ අගනා විද්‍යාඥයා 1953 අගෝස්තු මස 10 වැනිදා සදහටම අපෙන් සමු ගත්තේ ය. ඔහු වැනි අය රටට දායාද කළ ජාතික වස්තූන් ප්‍රමුඛත්වයෙහිලා ආරක්ෂා කරමින් ඒවාට අනුග්‍රහය දැක්වීමත් යුතුකම විය යුතු ය.

විමලසුරේන්ද්‍ර මහතා තම විදුලි ඉංජිනේරු දිවිසැරිය පුරා පුහුණු කළ ප්‍රතිපත්තිගරුක රාජකාරි චර්යාව අප රට ඉල්ලා සිටින්නා වූ විදුලි පරිවර්තනයට හොඳින් ගැලපෙන්නකි. මේ පසුබිමෙහි ලා සලකන කළ විමලසුරේන්ද්‍ර මහතාගේ රාජකාරී දිවියේ සිද්ධි මාලාවක අවසාන දශක තුනකට අධික කාලයක් තිස්සේ අතපසු කර තිබෙන මෙරට විදුලියෙන් ස්වයංපෝෂිත කරලීම ක්‍රියාවට නැංවීම මහා පිටිවහලක් කරගත හැකි වනු ඇත.

ජනාධිපති විමර්ශන අධ්‍යක්ෂ

රූබන් වික්‍රමආරච්චි

2017 සැප්තැම්බර් 19 වැනි දා ලංකාදීප පුවත්පතෙන් උපුටා ගන්නා ලද්දකි.

 

 

Comments are closed.