“නිවහල්-චූල කතිකාව” පළමු පියවර අතිසාර්ථකයි!

ප්‍රධාන කතිකාවට හසු නොවන නමුත් කතාබහට ලක් විය යුතු හොඳ නිර්මාණ කෘති පිළිබඳව සංවාදයක් ඇති කරගැනීමේ අරමුණෙන් අප වෙබ් අඩවිය මගින් සංවිධානය කරනු ලබන චූල කතිකාව පසුගිය සැප්තැම්බර් දෙවැනි දින ගුරු මැදුරේ දී පැවැත්වුණු අතර එය ඉතාමත් සාර්ථක විය.

සාහිත්‍ය කලාදිය ගැන උනන්දුවක් දක්වන ලේඛක-රසික දෙපාර්ශ්වය ම සහභාගි වූ මෙහි දී කතා-බහ කෙරුණේ ඉන්දික ගුණවර්ධන විසින් රචනය කළ පළමු ස්වතන්ත්‍ර නවකතාව වන “සුළිමැද පිපි තඹර” පිළිබඳවයි. සංවාද ප්‍රවේශය සපයනු ලැබුවේ තරුණ විචාරක සුදර්ශන සමරවීර, ලේඛක/තීරු ලිපි රචක සහන් කසීර වික්‍රමසිංහ, පුවත්පත්කලාවේදී තරිඳු උඩුවරගෙදර, ලේඛිකා ඉරේෂා ජසෙන්තු යන අයයි. පසුව පොදු සංවාදයකට ද යොමු වුණු කතිකාව සිත්ගන්නාසුලු විය.

පසුව අදහස් දැක්වූ බොහෝ දෙනා පැවසුවේ, චූල කතිකාව අනගි බවත් එය අඛණ්ඩව කරගෙන යා යුතු බවත් ය. පහත පළවන්නේ එහි සේයාරූ කිහිපයකි. සේයාරූ අනුග්‍රහය පීටර් ජෙරොම් තිසරණ පෙරේරාගෙනි.

Comments are closed.