“බූමරංගය ඔබේ ඇස් දෙක” අද යි!

කාන්චනා අමිලානි විසින් ප්‍රකාශයට පත් කරන ඇගේ නවත ම කාව්‍ය කෘතිය අද, (2017/09/07) දින එළිදැක්වෙයි. සූරිය විලේජ්හි සවස 3.00ට එළිදකින මේ කාව්‍ය එකතුව ඇගේ දෙවැනි නිර්මාණ එකතුව යි. මෙයට පෙර ඇය “ප්‍රේමයේ කාර්තු” නමින් කවි එකතුවක් එළිදැක්වූවා ය.

සයිබර් අවකාශයේ ජනප්‍රිය බ්ලොග් රචකාවියක්, පුවත්පත්කලාවේදිනියක් සහ ලේඛිකාවක් වන ඇයගේ නිර්මාණ බොහෝ අවස්ථාවල කතා බහට ලක් විය.

උක්ත කෘති එළිදැක්වීම වෙනුවෙන් පැමිණෙන්නැ යි The Talking Library කණ්ඩායම ඔබ වෙත කරන්නේ විවෘත ආරාධනයකි.

Comments are closed.