සයිබර් සල්ලාපය!

සයිබර් සංලාපය නමින් සාහිත්‍ය කතාබහක් සූදානම් කර තිබේ. සමකාලීන සාහිත්‍ය ලෝකයේ ක්‍රියාකාරීව කටයුතු කරන ලේඛක, ලේඛිකාවන් ගණනාවක් එක් කරගනිමින් සිදුකෙරෙන මේ සංලාපය සයිබර් අවකාශය කේන්ද්‍ර කරගනිමින් සිදුකරන්නකි. සාහිත්‍ය කලා සම්ප්‍රදානයන්ගේ නිම්වළලු පුළුල් කිරීම විෂයෙහි ලා මෙවැනි හමුවීම්, සංවාදයන්ගෙන් ඉටුකෙරෙන්නේ මෙහෙයකි.

අගෝස්තු 13 වැනි ඉරිදා උදේ 9.00 සිට

කොළඹ 07 මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වෙන

මෙම සංවාදය වෙනුවෙන්,

බටුවන්ගල රාහුල හිමි, චන්දන මෙන්ඩිස්, දිලීප ජයකොඩි, සහන් කසීර වික්‍රමසිංහ,ධර්මසිරි බෙනඩික්, කත්‍යානා අමරසිංහ, කාංචනා ප්‍රියකාන්ත, ප්‍රභාත් මිරිහාගල්ල, ලසිත් රවීන් උමගිලිය, සුසිත රුවන්

යන සාහිත්‍යවේදින් සහ සාහිත්‍යවේදිනියන් සහභාගි වෙති.

මේ අවස්ථාව වෙනුවෙන් සහභාගි වෙන්නැ යි සංවිධායක කමිටුව විවෘත ආරාධනයක් කරයි.

Leave a Comment