රජයේ සේවකයාට සමාජ මාධ්‍ය අකැප ද?

පෙර කාලයේ බොහෝ ගුරුවරුන් නම් දැරූ සාහිත්‍යකරුවන් වූහ. ප්‍රකට සාහිත්‍යධරයෙකු සිංහල භාෂා විශාරදයෙකු වූ කුමාරතුංග මුනිදාස මහතා ගුරුවරයෙකි. ප්‍රකට පරිවර්තක කේ.ජී. කරුණාතිලක මහතා ගුරුවරයෙකි. ප්‍රකට කවි ගී රචක සාහිත්‍යකරු රත්න ශ්‍රී විජේසිංහ මහතා ද ගුරුවරයෙකි. මෙලෙස දිගට පවසාගෙන යෑමට දිගු නම් වැලක් තිබේ. කෙසේ වෙතත් මෙකල නම් සාහිත්‍ය අභ්‍යාසයේ යෙදෙන ගුරුවරු විරල ය. පසුගිය දා කවි ලියූ ගුරුවරයෙක් පිළිබඳ වාර්තා විය. මල්මාලා දමා පිළිගත යුතු ව තිබූ මේ ගුරුවරයාට දඬුවම් ලබා දීමට අධ්‍යාපන බලධාරීහු තීරණය කොට තිබුණේ ය.

මෙම සිදුවීම පාදක කරගනිමින්,

ෆේස්බුක්හි කවි ලියූ ගුරුවරයාට දඬුවම් දීම වර්තමානයෙන් අනාගතයට

යන මැයෙන් සංවාද සභාවක් ලංකා ගුරු සංගමය විසින් සංවිධානය කර තිබේ.

2017 ජූලි 26 බදාදා සවස 3ට

ජාතික පුස්තකාල සේවා මණ්ඩලීය ශ්‍රවණාගාරයේ පැවැත්වෙන ඒ කතිකාවෙහි

එස්.ජී. පුංචිහේවා

චූලානන්ද සමරනායක

නාලක ගුණවර්ධන

භූපති නලින්

අදහස් දැක්වීමට නියමිත ය.

 

Comments are closed.