නගරයේ පෑවූ දේදුන්න

හවස වලා වැටුමෙන් පසු දුම්රොද පිරි අහසේ
යනෙන මිනිස් පා ගැටුමෙන් නඟිනා හඬ අස්සේ
ට්රෑම් කාර් බස් ලොරි ඈ පිස්සන් ලෙස දිස්වේ
දේදුන්නක් පායා ඇත වැහිබර නිල් අහසේ

‘හූ හූ‘ කියා යන එන හඬ මොහොතින් යට කරමින්
ඈත අහස හද ගෙනි යයි ඒවා හැම අස්සෙන්
‘එන්න පුතේ මේ බලන්න දේදුන්නක් පායා‘
අගේ අඳුරු මුහුණ පෙනේ දේදුන්නට වැහිලා

ඇයි ද ඉතින් නවතින්නේ නැතුව පළා යන්නේ
පිස්සනි ඇයි අහස දිහා ඇයි තෙපි නොබලන්නේ
පා හඬවල්, හූ හඬවල් තද වෙන ලොරි අස්සේ
දේදුන්නක් පායා ඇත වැහිබර නිල් අහසේ

කුඩා කලදි මිදුලට විත් සමන් පිච්ච වැල ගාවට
අහස දිහා බලා සිටිමි එල්ලී අෑ ඇඟෙහි දැවට
අඳුරු දුමින්, පා ගැටුමෙන් වැසුණා ඒ දිවිය මහට
දේදුන්නක් පායති යයි සිතුණේ නැත කිසි විට මට

අඳුරු දුමින් වැසුණු අහස ඇයි පැහැදිලි නොවෙනේ
පිස්සනි ඇයි මොහොතක් වත් ඒ දෙස නොබ බලනේ
පිරී අහස සිරි සැපතින් පුරවා සිතු ලෙසිනේ
දේදුන්නක් පායා ඇත පැහැබර නිල් අහසේ

භාව ගීත – ගුණදාස අමරසේකර (1955)

Comments are closed.