සමීර ද සිල්වා නම් ගද්‍රභයා!

සමීර ද සිල්වා නමැත්තා ජනාධිපති මාධ්‍ය ඒකකයේ සමාජ මාධ්‍ය පිළිබඳ අධ්‍යක්ෂවරයා යැ යි කියනු ලැබේ. ඔහු එයිට වඩා ධුරයක් දැරුව ද අපට නම් ගාණක්වත් නැත.  එක්තරා විද්‍යුත් නාලිකාවක වාහන අමතර කොටස් පිලිබඳව අනම්-මනම් වාචාලකම් දෙඩවූ මොහු එකවන ම ජනාධිපති සමාජ මාධ්‍ය පිළිබඳ අධ්‍යක්ෂවරයා බවට පත්වීම පිටුපස වෙනත් අශ්ලීල කතා තිබේ දැ යි අපි දන්නේ නැත. ඒ ගැන ද අපට වගක් නැත. හරි හමන් විදිහට තම ෆේස්බුක් පිටුව නඩත්තු කර ගත නොහැකි, හරි හමන් විදිහට සිංහලෙන් අදහසක් ලියා පළ කර ගත නොහැකි සමාජ මාධ්‍ය අධ්‍යක්ෂවරයෙක් ජනපතිවරයාට සිටියා කියා ද අපට වගේ වගක් ඇත්තේ ද නැත. මන්දයත් වත්මන් ආණ්ඩුවේ ඇමැති දයාසිරි ජයසේකර පවා තවම කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂව ජනාධිපතිතුමා යනුවෙන් ආමන්ත්‍රණය කරන තත්වයක උලව් ජනාධිපති මාධ්‍ය ඒකකය ගැන අපට අදහසක් ඇති නිසා ය. එසේ නමුත් අප කිව යුතු එක් දෙයක් ඇත. මේ ගද්‍රභයන් වැටුප් ලබන්නේ මහජනතාව සබන් කැටයට පවා ගෙවන බදු මුදලිනි. එසේ පිං පඩි ලබා ගනිමින් සිය ෆේස්බුක් පිටුවේ හඩු සිංහලයෙන් මේ ගද්‍රභයා ලියූ (දැන් ඉවත් කරගෙන ඇති) සටහන ගැන යමක් කිව යුතු ය. එකී සටහන පහතින් පළ වේ.

මේ ගද්‍රභ සටහනෙහි නිර්ලජ්ජිතභාවය ගැන ටීකාවක් ලියන්නට අදහස් නොකරමු. එය කොතරම් අඳබාල පහත් ගණයේ එකක් දැ යි කුඩාවෙකුට පවා වැටහෙන හෙයිනි.

එතෙක් මෙතෙක් ජනාධිපති මාධ්‍ය ඒකක වේවා අමාත්‍ය මාධ්‍ය ඒකක වේවා මන්දිර බිතක්කනවලට වී කළේ කඩේ යාම බව රහසක් නොවේ. එහෙත් අතීතයේ හිටි සට්ටැඹියන්ට අවම සදාචාරයක් කියා දෙයක් තිබුණි. ලියන දේ හරි සිංහලෙන් ලියන්නට හැකියාවක් තිබුණි. දේශපාලන දර්ශනයන් සහ දේශපාලන ඉතිහාසය ගැන අදහසක් දැනුමක් තිබුණි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ගද්‍රභයන්ට උවම් කළහැකි සමීර සිල්වා වැන්නන්ට මේ කිසිවක් ඇත්තේ නැත. කාගේ හෝ විලිකඩක් (ජංගියක්) සෝදා බඩවියත පමණක් රකින මනුෂ්‍ය අවම සදාචාරයවත් නොරකින මොවුන්ගෙන් මොවුන් ගැන ලියන වචන අපතේ ය. මෙවන් ගද්‍රභයන් අධ්‍යක්ෂවරුන් කරගෙන සිටින ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය ගැන දරන අදහස ගැන ලියන විග්‍රහ ද අපතේ ය.

චැතැම් වීදිය අසළ බොරු කියමින් සිඟමන් යදින යාචකයන් සමීර සිල්වාලාට වඩා නම්බුකාර ය.

Comments are closed.